Slide 1

මානිවත්ථ අභික්ඛම

ආදරණීය පාසල් මාතාවගේ
නොනැවතී පෙරට ම යන සිසු කැළක් ගොඩනැඟීමේ සම්මා වායාමයයි මේ...
Slide 2

ඔබේ දරුවා අකුරු කරනා පින්බිමයි

වසර 150කට ආසන්න ඉතිහාසයක් ඇති සිප්බිමකට සීමා නොවූ පින්බිමක් වන් වූ
දරුවන්ට අධ්‍යාපනය මෙන් ම විෂය බාහිර කටයුතු ද නොඅඩු ව ලබා දෙන
ප්‍රදේශයේ හොඳ ම සහ එක ම ජාතික පාසල වූ
ඌරුබොක්ක ජාතික පාසල් මාතාව‌ගේ සදාදරණීය වික්‍රමයයි...

previous arrow
next arrow

පාසලේ දැක්ම


දකුණුලක අධ්‍යාපනයේ  විශිෂ්ටයන්  අපි  වෙමු.


 

අපේ පාසල වෙත

සාදරයෙන් පිළිගනිමු! 

 

රම්මලේ, ගොන්ගල වැනි කඳුවැටිවලින් වට වූ ‍රමණීය මිටියාවතක පිහිටි ඌරුබොක්ක ජාතික පාසල ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක් ලෙස හදුන්වා දිය හැකිය.


පාසල් පරිශ්‍රය තුල නෙත ගැටෙන ඵලබර ආහාර බෝග වගාවන් නිසරු ආක්‍රමනික ශාක වගාවන්ගේ මායාවට ගොදුරු වූවන්ට ගැඹුරු අදහසක් කියාපායි.පාසලට පසෙකින් තුසිත විහාරස්ථානය ද පිහිටා ඇත.ඌරුබොක්ක නගරයට ආසන්න ව පිහිටි අප පාසල ප්‍රදේශයේ ගෞරවාදරයට පත් පාසලකි.පාසල පිහිටි පරිසරය ඉතාමත් අලංකාරවත් වන අතර කෙත්වතු යාය පාසලට තවත් අලංකාරවත් කරයි.අක්කර 9 ක පමණ භූමි ප්‍රමාණයක පාසල පිහිට‍යි.ඌරුබොක්ක පොලීසිය, රෝහල යනාදී විශේෂ ස්ථාන පාසල අවට පිහිටි නිසා පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට විශේෂ වැඩසටහන් ද නොමිලේ වෛද්‍ය සායන හා පොලීසිය මගින් දේශන ඔස්සේ ශිෂ්‍යයන් දැනුවත් කිරීම මගින් ද බොහෝ අනුග්‍රහ ලැබේ.පාසල් ක්‍රීඩා පිටිය තුළ තිබෙන විශාල අඹ ගස පාසල් ක්‍රීඩා පිටිය අලංකාරවත් කිරීමට දායක වේ.එමෙන් ම පාසල තුළ නොයෙක් මල් වර්ග ගස්වැල් වර්ග නිසා පාසලේ පිහිටීම වැදගත්කමක් දක්වයි.

 

පාසලේ මෙහෙවර


මිනිසත්කමින්  හා නිපුණතාවලින් පරිපුන් පරිසර හිතකාමී නිර්මාණ නිර්මාණශීලී දරු පරපුරක් දැයට දායාද කිරීමයි.  


 

Notice Board

UrubokkaNationalSchool