- දිනපතා පාසලට පැමිණීම අත්‍යවශ්‍යය.(පෙ.ව.7.15ට පෙර)
- පෙ.ව.7.30ට පෙර පංති කාමර සහ පාසල් භූමිය පිරිසිදු කිරීමේ කටයුතු නිම කළ යුතුය.
- නොපැමිණි දින ගණන් සතිය ඉක්මවන විට වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කළ යුතු ය.
- චාම් ව,පිරිසිදු ව,ක්‍රමානුකූල ව පාසල් නිළ ඇඳුම සහ පාසලට ගැළපෙන ලෙස කොණ්ඩය සකස් විය යුතුය.විද්‍යාලය මෝස්තර / විලාසිතාගාර නොවන බව ද සිහි තබා ගත යුතුය.
- විශේෂ රෝගාබාධයකින් පෙළේ නම් පන්ති භාර ගුරු භවතා දැනුවත් කළ යුතුය.
- පාසැල තුළ අනුමතයකින් තොර ව මුදල් එක්රැස් කිරීම සහ අනවශ්‍ය ලෙස වෙනත් පන්ති අසල කොරිඩෝවල ගැවසීම තහනම් ය.
- නුසුදුසු චිත්‍රකතා,පුවත්,සඟරා,සංයුක්ත තැටි,පරිගණක දත්ත හුවමාරු,මතක ගබඩා,ජංගම දුරකථන ලඟ තබා ගැනීම හා භාවිත කිරීම තහනම් ය.
- සෑම අවස්ථාවකදී ම පාසලේ ගෞරවය රැකෙන අන්දමින් විනීත ව හැසිරීම ඔබේ වගකීම වන අතර විදුහල අපකීර්තියට අවමානයට අගෞරවයට ලක්වන ක්‍රියා ඔබ විසින් සිදු කළහොත් විනය මණ්ඩලය විසින් ගනු ලබන ඕනෑම තීරණයකට ඔබ යටත් විය යුතුය.
- විද්‍යාලය තුළ දී මෙන්ම බැහැරදී වුවද ශිෂ්‍ය,ශිෂ්‍යාවන් වෙත එල්ලවෙන හැසිරීම් හෝ වෙනත් චෝදනා ගැන විශේෂයෙන් සොයා බලා සුදුසු පියවර ගනු ඇත.
- විදුහලේ සේවා හා පහසුකම් ගාස්තු,ආරක්ෂක ගාස්තු,පාසල් සංවර්ධන සමිති සාමාජික ගාස්තු ආදිය නියමිත පරිදි ගෙවිය යුතුය.
- වාර විභාගවලට පෙනී සිටීම අනිවාර්ය වේ. අ.පො.ස. (සා/පෙළ) හා අ.පො.ස. (උ/පෙළ) සෑම සිසු/සිසුවියක්ම නියමිත දිනවලින් 80% පැමිණිය යුතු අතර එසේ නොවීම විභාගයට පෙනී සිටීමට නුසුදුසු කමක් වේ.
- විද්‍යාාලයේ ශෝභනත්වය ආරක්ෂා කිරීම ,වැඩි දියුණු කිරීම ,භාණ්ඩ හා උපකරණ මෙන්ම භෞතික සම්පත් නිසිලෙස පරිහරණය කිරීම ශිෂ්‍ය/ශිෂ්‍යාවන්ගේ වගකීම මෙන්ම යුතුකම වේ.
- දෙමාපියන් පාසලට පැමිණීමේ දී සුදුසු ඇඳුමකින් සැරසී පැමිණිය යුතුයි. මව්වරුන් සාරියකින් සැරසී පැමිණිය යුතුය. පියවරු හෝ වෙනත් භාරකරුවන් කොට කලිසමකින් සැරසී පාසලට ඒම තහනම් වේ.
- පාසල් කීර්ති නාමය හානි වන අයුරින් අනවශ්‍ය සබඳතා ඇති කර ගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් වේ.
- Home
- අපේ පාසල ගැන
- නීති හා රෙගුලාසි